Posts

Showing posts from March, 2018

රස්තියාදුකාරයා - ගිහාන් සචින්ත

Image
          රස්තියාදුකාරයා - ගිහාන් සචින්ත රස්තියාදුකාරයා අතට ගෙන වරක් දෙවරක් නොව කිහිපවරක් එහා මෙහා පෙරලා තැනින් තැන කියවීමි ... ' තැනින් තැන කියවන්නේ ඇයි වැඩක් නැති නිසාද ? ' එහි විශේෂත්වයක් ඇත එනම් ටොම් අරයා , ෆ් ‍ රෙඩ් මර්කරි , ජොනි ඩෙප් , බොබ්මාර්ලේ , සැල්වදොරේ ඩාලිං සහ මහගම සේකර ආදීන්ගේ ප් ‍ රකාශ කියවීමට මා උත්සුක වීමයි .. වරක් දෙවරක් නොව කිහිප වරක්ම මා කළුපාට පිටුඅතරින් මා දෙස බලාසිටි සුදුපාට අකුරු කියවීමි . අනතුරුව කියවූයේ රස්තියාදුකාරයා ලියූ " වචනයක් දෙකක්ය " එයද පුදුමය . කියවූ සැනින් මට සිතුණේ " මූ මගෙ ජාතියේ එකෙකි .. යන්නය " මාද වැඩිපුර පොත පත කියවූ එකියක නොවේය .. එයට හේතුවක් ඇතත් මේ එයට අවස්ථාව නොවන බැවින් ඒ ගැන නොලියමි . පාපොච්චාරණය කියවාගෙන යද්දි මට සංගීතය පිළිබද දැණුමක් තිබුණේ නම් යැයි මුලින්ම සිතුණි එසේ වූයේ නම් ඒ ස්වර රටා හදුනාගෙන ගීතය සමඟ හුදකලා වන්නටද තිබුණි .. කෙසේ වෙතත් එය බොහෝම සරල සිහින් ස්වර රටාවක්