රස්තියාදුකාරයා - ගිහාන් සචින්ත
රස්තියාදුකාරයා - ගිහාන් සචින්ත
රස්තියාදුකාරයා අතට ගෙන වරක් දෙවරක් නොව කිහිපවරක් එහා මෙහා පෙරලා තැනින් තැන කියවීමි... 'තැනින් තැන කියවන්නේ ඇයි වැඩක් නැති නිසාද? ' එහි විශේෂත්වයක් ඇත එනම් ටොම් අරයා, ෆ්රෙඩ් මර්කරි, ජොනි ඩෙප් , බොබ්මාර්ලේ , සැල්වදොරේ ඩාලිං සහ මහගම සේකර ආදීන්ගේ ප්රකාශ කියවීමට මා උත්සුක වීමයි.. වරක් දෙවරක් නොව කිහිප වරක්ම මා කළුපාට පිටුඅතරින් මා දෙස බලාසිටි සුදුපාට අකුරු කියවීමි.
අනතුරුව කියවූයේ රස්තියාදුකාරයා ලියූ "වචනයක් දෙකක්ය" එයද පුදුමය. කියවූ සැනින් මට සිතුණේ " මූ මගෙ ජාතියේ එකෙකි.. යන්නය " මාද වැඩිපුර පොත පත කියවූ එකියක නොවේය.. එයට හේතුවක් ඇතත් මේ එයට අවස්ථාව නොවන බැවින් ඒ ගැන නොලියමි.
පාපොච්චාරණය කියවාගෙන යද්දි මට සංගීතය පිළිබද දැණුමක් තිබුණේ නම් යැයි මුලින්ම සිතුණි එසේ වූයේ නම් ඒ ස්වර රටා හදුනාගෙන ගීතය සමඟ හුදකලා වන්නටද තිබුණි.. කෙසේ වෙතත් එය බොහෝම සරල සිහින් ස්වර රටාවක් යැයි උපකල්පණය කරගෙන කතාව කියවීමි.
ක්රමක් ක්රමයෙන් මා මනසේ මවාගත් ස්වර රටාව මැකී ගියේය. මා සිතූ ස්වර රටාවට වඩා හාත්පසින්ම වෙනස් ස්වර රටාවක් එහි ගැබිව ඇතැයි පාපොච්චාරණය මැද භාගයට පැමිණෙන විට තේරුම් ගියේය.
"මම අවසානයට එළඹ සිටියෙමි. මේ පොතේ මම ලියූ ලියමන කියවන්නෙකු ආගම්වාදියෙකු වුවහොත් මට යක්ෂයා වැසී ඇති බව පවසනවා නොඅනුමානය"
ලාංකේය දේශපාලය මොනවට විදහා දැක්වීම.. පාපොච්චාරණයයි. කිසියම් වකවානුවක අර්ථ නිරූපනය පිල් මාරුවීම.. මේ ඔස්සෙ කතා කිරීමට කතුවරයා යත්න දරා ඇති බව පැහැදිළිය.
දේශපාලකයා යනු සුව නොවන තුවාලයකාරයෙකි.. ඔහුගේ තුවාලය නම් බලයයි. එයට කෑදර වන තරමටම හාර හාරා පාර ගන්න තුවාලයක ගැඹුර පාපොච්චාරණය කරන්නට කතුවරයා සමත් වී ඇතැයි මම සිතමි.
මෝනාලිසා ගුප්තය. අවසානය තෙක් කුතුහලය රැක ගැනීමට තරම් කතුවරයා සමත් වී ඇත. එ තුලින් මා දුටු සංස්කෘතික රාමුවක කොටුවුණ සමාජයක පිටවැස්මය. ලාංකේය මිනිසා බොහෝ රැඩිකල් යැයි පැවසුවද තමා තුල සැඟව සිටින සාම්ප්රදායික මිනිසා හිස ඔසවන අවස්ථා බහුලව දැකිය හැකිය. එම සමාජ ප්රති රූපය මැවීමට මෝනාලිසා සමත් විය. අතීතය යනු මතක තුල රැදුනද නැවත නොඑන සිදුවීමක්ය. නමුත් ඒ සෙවනැලි වර්ථමානයටද වැටී ඇත්තේය. විටෙක එම අතීතය අලුත් මුහුණුවරින් පැමිණෙයි යන්න උපමා රූපක භාවිතයෙන් පවසා ඇති මෝනාලිසා තුල ගුප්ත වු අඳුර නිරය සහ ස්වර්ගය.. අතර අැවිදයන මිනිසුන් කොතෙක්ද?
"මෝනාලිසා යනු ගුප්ත සිනහවකින් යුතු හදුනාගත නොහැකි නපුන්සකයෙකි. මෝනාලිසා මම ඔබට වෛර කරමි. තොට සාප වේවා!"
එක් කෝණයකින් බලා නැවත කියවීමේදී වෙනත් කෝණයකින් ස්පර්ෂ වන මෝනාලිසා මට නැවත නැවත කියවන්නට ඕනෑ යැයි සිතෙන කෙටි කතාවකි.
නොස්ටැල්ජියාව
ආදරයේ පිළිකාව
වැලඳුනෙමි මාහට
ඝොෂාකාරී සංගීතය
දුම් වැටිය
මත් බඳුන වැලඳගත්තෙමි
එයින් ලදිමි සහනයක්
රිදුම් දේ පිළිකාව
ඇට මිදුළු රුධිරය පුරා මෙන්ම
සිතටද බලවත්ව
කඳුළු සැලුවේද නැත
හිස සැලුවේද නැත
හෙළුවේ දුම් වැටියේ අළු පමණි
වැටහුණෙමි හුදකලාව
වේදනාව
ලැබූයෙමි පුරගනන් ගෙන් රමණය ද
නොසිතූ දිනක ලදිමි
නුඹගේ ප්රේමය
එයත් පිළිකාවක්ද?
අන්ධභක්තිය.. පරිසර දූෂණය විප්ලවය ආදී විවිධ මාතෘකා ඔස්සේ රස්තියාදුකාරයා ගලා යයි. රෙදි පටියකින් ඇස් බැදන් පංසල් පල්ලි දේවාල පසුපස යන භක්තිකයන්ට එහි ඉදිරිපස යාචකයින්ගේ කුස ගින්න දැනෙන්නෙ අඩුවෙනි... එවන් තැන්වල පිහිට පතාගන යන බැතිමතුන්ට පරිසරය පෙනෙන්නේද අඩුවෙනි.. නමුත් මා මෙහි දකින්නෙ විප්ලවය සහ විප්ලවකරුවන්ගෙ ඉරණමයි.
"ඇගේ ළැමැදේ ගුළිව නිහඬව නොමළ බිලිදෙකි. සෙමෙන් මිය යන ලොවට හඬගා ඇයද සිටියේ නොමළ බිලිදුට නැවත පණ නොව පොඩි පුතු රකින මගකිය"
මෙවන් මව්වරු කොතෙක් නම් අපට හමුවෙනු ඇත්ද? ඇගේ ළමැදේ ගුළිව නිහඬව නොමළ බිලිදෙකි.... මෙය පරිසර විනාසය පැත්තෙන් වුවද ගත හැකි වීම ඔහුගේ දක්ෂතාව වන්නට පුළුවන. අම්මා යනු පරිසරයනම් ඇගේ දරුවා මේ ස්භාවදහමයි... එය මියයමින් පවතී.. ආරක්ෂා කරගන්න ඇය මගක් සොයමින් සිටී..
එකම කතාවක් තුල මාතෘකා කිහිපයක් කතා කිරීමට තරම් කතකයා හපනෙකියැයි මට සිතුණ කෙටි කතාවකි රස්තියාදුකාරයා
රමණය ගැන මම කිසිත් නොකියමි.. එහි අවසන් කෙටිකතාව රමණයයි එය ඔබට ඉතිරි කරමි. අවසාන වශයෙන් රස්තියාදුකාරයා කෙටි කතා පහකට සීමාවී ඇතත් මම එය තවම කියවමි.. කියවන්න කියවන්න වෙනස් තැන් හමුවීම සහ වෙනස් මානයකින් සිතන්න පෙළඹවීම එයට හේතුව විය හැකිය.
මෙය හුදෙක් මාගේ විදීම පමණි. විචාරයක් හෝ විවේචනයක් නොවේ
රෝහිණී ජයන්ති ලියනගේ

Comments
Post a Comment