Posts

Showing posts from October, 2019

12.12.12

Image
12.12.12 කල්පනා මැරූ සීතල මිලදී ගත් පොත නොකියවා සති දෙකකට ආසන්න කාලයක් සුරක්ෂිතව සගවා තැබීමට සිදුවූයේ කියවීමට තරම් නිරවුල් මනසක් මා සතුව නොමැති වීම හේතුවෙනි. පොත අතට ගත් සැනින් බැලූයේ එය කීවෙනි මුද්‍රණයෙන් මා අතට පත්වූ පිටපතක්දැයි දැන ගැනීම උදෙසාය පුදුමයකි එය දෙවනි මුද්‍රණයේ පිටපතකි සයවැනි මුද්‍රණයේ පිටපතක් යැයි සිතා අතට ගත් පොත දෙවනි මුද්‍රණයේ වීමද අභිරහසකි. 😉 එය මුද්‍රණ වාර ගණන නොදමා පොත මුද්‍රණය කිරීමේ ප්‍රතිපලයකි. එබැවින් දෙවැනි මුද පොතක් ගත්විට බොහෝ වේගයෙන් කියවා අවසන් කර තුෂ්නිම්භූත වන්නට මා අකමැතිය. එය ⁣යම් තැනක නවතා සිතත් සමග ඔට්ටු දමා ඉතිරිය කියවන්නට ඉවසිල්ලක් නැතිව ටික වෙලාවක් බලා සිට කියවන්නට ගත්විට දැනෙන්නෙ අමුතුම හැඟීමකි. නමුත් කොටස් වශයෙන් තිරගතවන කෙටි කතාමාලාවක් සේ රසවිදින්නට හැකියාවක් ඇති එවන් කෘති හමුවන්නේ ඉදහිටකය. 12.12.12  එවන් ආකාරයට ලියවී තිබීම සතුටට කරුණකි. නතාලි මුණියේ සහ ඇයගේ කණ්ඩායම සමග මමද එයට සහභාගි වී සිටියාක් මෙන් දැණුන බවනම් සතුටින් කිව යුතුමය. එය ලේඛකයාගේ භාෂා හැසිරවීමේ  දක්ෂතාවයම වන්නට ඇත. බටහිර රටක ජීවත්වන ස්වදේශිකයන් නැවත කියවන්නට හැකියාවක් 12