Posts

Showing posts from April, 2018

කාව්‍යාලාප

Image
        අද රූස්සව නැගී සිටි සෑම මහා ගසක්ම එදවස කුඩා පැළයකි.   අරටු සවිමත් වුණ මහා ගස් අතරින් පතර හැදෙන පුංචි පැලවලට හිමිවන්නේ කවර තැනක් ද යන්න විමසිය යුතු වුවද මාගේ මේ වෑයම ඊට වෙනස් නොවූවද ඊට සමානද නැත. කවිය යනු කුමක්ද කියා මා ඔබෙන් විමසුවහොත් එවිට ලැබෙනුයේ ඔබටම ආවේනික පිළිතුරකි. මන්ද කවිය මේ යැයි කියා නිර්වචනයක් තවම මට හමුවී නොමැත. එනිසාම ඉතා සුන්දර වචන යෙදූ පමණින් එය කවියැයි හදුනවාදිය හැකිද ? නොමැති නම් ඉතා කඨෝර වචන යොදා ඇති බැවින් එය කවියක් නොවන්නේ යැයි අර්ථකථනය කළ හැකිද ? හැම විටම කඨෝර වචන කවිය වන්නේ නැත වගේම ඉමිහිරිම වචන කවිය වන්නේද නොවේ. එය එසේ නම් කවිය යනු කුමක් ද ?   #ජයසිරි_අලවත්තයන් විසින් රචිත #කාව්‍යාලාප කෘතියෙහි “කවිය යනු” සටහනෙහි මෙසේ දක්වා ඇත. “කවිය යනු හදවතේ හර්දයාංගම බව මෙන්ම මනසේ ආනන්දජනක බව උද්දීපනය ව ඉතා මට සිළිටු මාධ්‍යකි. මෙය සාහිත ක්ෂේත්‍රයේ හදුන්වන්නේ මිනිසා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යන මාධ්‍යක් ලෙසිනි.” මෙම කෘතියෙහි කවියක් ඉපදීමට කවියා තුළ සිටිය යුතු මිනිසා පිළිබඳව ද කවියට උචිත උපමා උපමේය භාවිතය වගේම භාෂා භාවිතය පිළිබදවද අපූරු සටහනක්

පාටපහක්

Image
  #පාටපහක් ( චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න) පාට පහක් දෙතුන් විඩක් කියවූ පසුව සටහනක් තබමියි සිතා මෙතෙක් දවසක් ගතවීමනම් මටද පුදුමය. පාට පහක් තුල හුස්ම ගන්න මතකයක් ඇති මුත් පොත ලබාගත්තේ බලෙන් යැයි කීවොත් නිවැරදිය. විචාරයක් ලියන්න තරමට දැණුමක් නැතත් මට දැණුන කවියක දෙකකවත් අදහසක් ලියන්නට සිතුණි. චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න හමුවූයේ සොදුරු නිමේෂයකය "කාදර්ගෙ අඹුව මේනකා සරදියල්ට හොර අඹුව විය" කවිය නම් එය විය. මේ කවි පංතිය ගැන වාද විවාද විචාර විවේචන එක්ක ගතවුණ දවසකි එය. අපූරුම වචන භාවිතයත් චිත්ත රූප මැවීමේ හැකියාවත් සමඟ හුස්ම ගන්න කවිකම් වලට කතිකයා බොහොමත්ම හපනෙක්ය. එවන් කවි විචාරයට තරම් දැනුමක් මට නොමැති වීම දුකකි. කඳු බහිද්දි මාවනැල්ලට පුරුදු සුවඳක් දැනුණා මේනකා මගෙ පපුව මැද්දට කන්ද උතුවන කඩා වැටුණා තමන්ගේ අඹුව එහෙම නැතිනම් බිරිඳ වෙනත් සැමියෙක් සමඟ යහන්ගත වන බව දැනගනම සිටින සැමියෙක්ගේ හැගීම.  ඇත්තටම මේ කාදර්ගේ නෝන්ජල් කමද නැතිනම් බියද? සරදියල් වැනි චරිත වලට බියේ අද කොතෙක් පිරිමින් ගැහැණුන් නිහඬව සිටිනවා ඇතිද? පරණ කතාවක්  වුණත්  ටිකක් තට්ටුකර මේ බලපං යැයි කි

විරාමයකට පසුව හමුවී විරාමයකට පසුව හමුවෙමු

Image
විරාමයකට පසුව හමුවී විරාමයකට පසුව හමුවෙමු ගැන පුංචි වචනයක් කතාකරන්නට බොහෝ දවසක ඇවෑමෙන් අද ඉඩ හසර ලැබුණි. ආ මඟ නතරවී මොහොතක් "බිදී යාමකින් තොරවම යලිත් ආකාශගතවනු රිසි පිනි බිදිත්තක් දෙකක් මේ ගෙවීයන හැම රාත්‍රියකම පාහේ  මගෙ කවුළුව අසල ගැවසේ...." තප්පර ගානකට මේ වචන අතර මම නැවතුනෙමි තප්පර කටුව හෙමිහෙමින් ඉදිරියට ගොස් විනාඩි කටුවට තට්ටු කරද්දීත් මම නතරවී වුන්නාදැයි නිනව් නැත. වඩාත් සිත් ගත් භාෂා විලාසයකින් හදවතට කතා කිරීමට ඔහුගේ කවිය සමත්ය. ගයාන් ඉන්දුල කොඩිතුවක්කු වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම දක්ෂ කවියෙක් නොවන්නේ යැයි කාටනම් කිව හැකිද? එකෝමත් එක දවසක මුහුණු පොත හරහා හමුවූ ඔහු මෑතක මෙලෙස ආරාධනා කළේය. "කවියක් ගැන වචනයක් හෝ කතාකිරීමට එන්න නංගී" එක හුස්මට කියවා අහවර කල පොතක් ගැන කතිකාවට සහභාගී වීමට මට නොහැකි විය. මෙහි පලමු කවිය වඩාත් සිත් ගන්නා සුළුය. එහි උපමා රූපක සහ කවියේ ගලායාම ඉතාම ඉහල මට්ටමක පවතී. "අහක බලාගෙන යනවිට එන හැම තොටියාම සඳ එබෙද්දි දූලි ගො‍ඩේ හැංගෙමි හැම රෑම" හිතට දැනෙන මෙවැනි අලංකාර යෙදුම් සහිත මෙම කවියම විචාර කිරීමට තරම් මම දක්

෴හුස්ම ගන්න අකුරු෴

Image
      රංජිත් කුමාර සමරකෝන් ඔහු කවුද? මොනවද මේ හුස්ම ගන්න අකුරු. මා සිතේ හටගත් පලමු පැනය මෙය විය. ඔබ හැමට ඔහු හදුන්වාදීමට එනිසාවෙන්ම මම නොදනිමි  මන්ද මා යන්තමින් හෝ ඔහු හදුනන්නෙ මුහුණු පොත පුරා හුස්ම ගන්න අකුරු එක්ක එකතුවෙන්න යැයි කල ආරාධනාව නිසාවෙනි. එනම් හුස්ම ගන්න අකුරු කියවීමේ තෘෂ්ණාවක් මා තුල හට ගන්නේ මා කවරදාවත් නොකියවූ ඔහුගේ හුස්ම ගන්න අකුරු සයිබරය පුරා හුස්ම ගනිද්දීය.   එනිසාම මේ කෙටි සටහන හුස්ම ගන්න අකුරු වෙනුවෙන් අමුණන්නට මට සිතුණි. මෙය හුදෙක් ඔහුට ප්‍රතිඋපකාර කිරීමක්වත් වර්ණනාවක්වත් නොවන්නේ N එක හා මාගෙ හුස්ම පොදක්වත් නොගෑවුන නිසාමය. පලමුව මා සිත ගත්තේ ඔහුගේ පූජාවය හිත නිවී සැනසෙන අපූරුවූ ආදරණීය මව් සෙනෙහසක් වෙනුවෙන් පූජා කල හෝඩිපොතක් ලෙස නම් කිරීම මා සිත් ගත්තේය. ඉන් පටන් ගෙන හුස්ම ගන්න අකුරු කියවූමට සටහනක් තබන්නට වෙලාවක් ගතිමි. මන්ද මම විචාරකයෙකු නොවන ප්‍රවිණයෙකුද නොවන පුංචි අංකුර කිවිදියක් වන නිසාය.   කවදාවත් කඳුළු නොගලනවා යැයි සිතන තාත්තලාගේ හදවත්වලින් ගලන කඳුළු හිත ගල්කරන් කියවද්දි ඇස් කතාකල බව සැබෑය. ඒ ඔහුගේ මිනිස් සිතට කතා කිරිමේ අපූරු හැකියාවයයි මම

හඳගිරිය

Image
    හඳගිරිය   රුවන් වීරතුංග විසින් රචිත හඳගිහිරිය කාව්‍ය සංග්‍රහය කියවා අවසන පුංචි සටහනක් අකුරු කරන්නට සිතුණි ඒ මා ප්‍රිය කරන  නිර්මාණ රැසකින් එය පොහොසත් වීම නිසාමය. එහි පළමුකවිය   හඳගිරිය නිසොල්මන්ය ගහකොළ ගොන්මන්ය පිපුණ මල් කනවැන්දුම්ය   දුටු සැනින් කියවන්නට සිතෙන කවි පංතියකි. තරමක් දීර්ඝ කවියක් වුවද මෙම කවියේ අපූර්වත්වයට කිසිදු හානියක් සිදුවී නැති බව මගේ හැගීමයි. " පිපුණ මල් කණවැන්දුම්ය "  එනම් මෙහි හේනේ පැල් රකින මිනිසුන්ගේ දුක්කිත කතාන්දරය අවසන තනි වෙන ගැහැණුම නොවන්නේද? අලි මිනිස් ගැටුම ක් ඇතිවූ සැනින් කථාබහට ලක්වෙන විදුලි වැට එය අවසාන වීමටත් ප්‍රථම අවසන් ගමන් යන්නේ ඊළඟ ගැටුම වන දින තෙක් පමණි ඉපදි ඉපදී මියෙන විදුලි වැටට කවදාවත් විසදුමක් නොලැබීම සටහන් කරන කවියා එ් සඳහා අනාගත දිනක විසදුමක් ලබාගන්නට ලැබේවා යන්න පවසන අයුරු අපූරුය.   වැඩ ජනයා ගැසූ පෙත්සමට දිග හැර සාධාරණයක් කරන්නට නඩුකාරයකු කර ගමේ කොලුවකු එවන්නම් මතුදින   ගමනාන්තය කවියෙන් අපූරු ව්‍යංගයාර්ථයක් මවයි   "රජරට සරසවි මිතුරියට" කවි පංතියෙන් ප්‍රේමය සහ පරිත්‍යාගය ගැ