Posts

Showing posts from February, 2020

ඒ ගඟම ගලන හැටි

Image
ඒ ගඟම ගලන හැටි උද්‍යාන් සම්පත් අමේෂන් ජයසේකර කවිය ප්‍රකාශන මාධ්‍ය කොටගත් බොහෝ අය මුණ ගැහෙන මුහුණුපොත තුළින් හමුවන උද්‍යාන් සම්පත් අමේෂන් ජයසේකර බොහෝ අය අතර ජනප්‍රිය වන්නේ කට්ටා යන අනුවර්තිත නාමයෙනි. ⁣බොහෝවිට කෙටි කවිය තුළින් අදහස් ප්‍රකාශ කිරීම ඔහුගේ අනන්‍යතාව ලෙස මම දකිමි.  ගැලපෙන වචන යෙදිය හැකි හොඳම ආකාරය⁣ට යෙදීම කවියයැයි සඳහන් කළද සැමවිටම ඒ තුළ කවියක් ඇත්දැයි යන්න ගැටළුවකි. ඉතාම ප්‍රිය වචන එක පෙළට ලියාගෙන යාම කවියක් නොවන බව මගෙ අදහස වුවද එකිනෙකාගේ විඳීම එකිනෙකට වෙනස් බව නොරහසකි. මට කිවියක් නොවන පද තවත් අයෙකුට කවියක් වන්නේ එබැවිනි. තම ප්‍රකාශන මාධ්‍ය වූ කවිය තුළින් සමාජයට යමක් දීමට හා සමාජය විවරණය කිරීමට ඒ ගඟම ගලන හැටි කෘතියෙන් ඔහු උත්සහ දරන බව ඒ ගඟම ගලන හැටි රසවින්ඳනයෙන් ඔබට හැකිවනු ඇත. උවැසි උවැසියන් රස්නෙට පෝයට සිල්ගද්දී සිල් කැට සට සට ගාලා මළුවේ ඉහිරෙද්දි තිදොර සංවර ද නිවන ලැබිලා වගෙ ඉද්දී නච්ච ගීතටේ ට්‍රැක් පැන්නා හැට්ටෙ අස්සෙන් රින්ග් වෙද්දී (මොඩර්න් සිල් : පිටුව 03) සීලය වනාහි තුන්දොර සංවර කර ගැනීම වුවද ඉපැරණි සමාජය තුළද එවැන්නක් තිබුණාදැයි විමසා බැලිය යුතුය.