Posts

Showing posts from February, 2019
Image
ඉගිල්ලෙන කරදහි කුරුල්ලා අශෝක කුමාර කුලතුංග ගොඩගේ ප්‍රකාශන මිල රු. 250/=  කවිය යුනු කුමක්ද? මෙම පැණය ඔබගෙන් විමසුවහොත් එයට ලැබෙන පිළිතුර මේ යැයි කියා නිශ්චිතව පැවසිය නොහැක්කේ ඊට නිශ්චිත නිර්වචනයක් නොමැති නිසාමය. හොඳම වචන හොඳම පිළිවෙලට සහ රසයක් ද්වනියක් සහිතව උපමා උපමේය සහිතව ලිවීම කවියක් යැයි ඇතැම් විට ඔබ පවසනු ඇත. කවිය යනු තදින් අල්ලාගත නොහැකි මුත් තදින් හද බැඳෙන ආත්ම ප්‍රකාශනයක් යැයි ඇතැම්විට ඔබ පවසනු ඇත. ඉතිං එසේනම් කවිය යනු කුමක්ද? එය ඔබටම වටහා ගන්නට ඉඩහසර ලබා දෙමින් ඔබගේ විඳීමට බාධා නොවන ලෙස මගේ විඳීම සටහන් කරන්නට උත්සුක වෙමි. අශෝක කුලතුංග ලියූ කරදහි කුරුල්ලා මට හමුවන්නේ 2017 ගොඩගේ අත්පිටපත් තරගයේ හොඳම කාව්‍ය කෘති දහය අතරට තේරීපත් වුණ කාව්‍ය සංග්‍රයක් ලෙසට ය. මුද්‍රිත ග්‍රන්තයක් වීමට පෙර මුහුණු පොත හරහා වගේම පුවත්පත් කවි පිටුවල සැරිසරන අශෝකගේ කවි අපට හමුවන්නේ ඒ තුළිනි. අශෝක උපන් පරිසරයේ සිට කවියෙකු බිහිවීමට හැකිදැයි විටෙක කිසිවෙකු මගෙන් විමසීය. කවියකු බිහිවීමට හොඳම පරිසරය ඒ නොවේදැයි මම මගෙන් ප්‍රශ්ණ කළෙමි. එවන් පරිසරයක අත්දැකීමෙන් සුපොෂිත කවියක්.. පිටතින් සිට බලනවාට ව