12.12.12

12.12.12
කල්පනා මැරූ සීතල

මිලදී ගත් පොත නොකියවා සති දෙකකට ආසන්න කාලයක් සුරක්ෂිතව සගවා තැබීමට සිදුවූයේ කියවීමට තරම් නිරවුල් මනසක් මා සතුව නොමැති වීම හේතුවෙනි. පොත අතට ගත් සැනින් බැලූයේ එය කීවෙනි මුද්‍රණයෙන් මා අතට පත්වූ පිටපතක්දැයි දැන ගැනීම උදෙසාය පුදුමයකි එය දෙවනි මුද්‍රණයේ පිටපතකි සයවැනි මුද්‍රණයේ පිටපතක් යැයි සිතා අතට ගත් පොත දෙවනි මුද්‍රණයේ වීමද අභිරහසකි. 😉 එය මුද්‍රණ වාර ගණන නොදමා පොත මුද්‍රණය කිරීමේ ප්‍රතිපලයකි. එබැවින් දෙවැනි මුද

පොතක් ගත්විට බොහෝ වේගයෙන් කියවා අවසන් කර තුෂ්නිම්භූත වන්නට මා අකමැතිය. එය ⁣යම් තැනක නවතා සිතත් සමග ඔට්ටු දමා ඉතිරිය කියවන්නට ඉවසිල්ලක් නැතිව ටික වෙලාවක් බලා සිට කියවන්නට ගත්විට දැනෙන්නෙ අමුතුම හැඟීමකි. නමුත් කොටස් වශයෙන් තිරගතවන කෙටි කතාමාලාවක් සේ රසවිදින්නට හැකියාවක් ඇති එවන් කෘති හමුවන්නේ ඉදහිටකය. 12.12.12  එවන් ආකාරයට ලියවී තිබීම සතුටට කරුණකි. නතාලි මුණියේ සහ ඇයගේ කණ්ඩායම සමග මමද එයට සහභාගි වී සිටියාක් මෙන් දැණුන බවනම් සතුටින් කිව යුතුමය. එය ලේඛකයාගේ භාෂා හැසිරවීමේ  දක්ෂතාවයම වන්නට ඇත.

බටහිර රටක ජීවත්වන ස්වදේශිකයන් නැවත කියවන්නට හැකියාවක් 12.12.12 හි අන්තර්ගතය. සුන්දර සිහින නගරතුල ගිලෙන අසුන්දර සිහින කතන්දර එහි ඇතුලත් වන්නේ ඉතා සියුම් ආකාරයෙනි.

"මම කැමතියි ඔයා රෑට ගෙදර ඉන්නව නං.. දැන් අවුරුදු අටක ඉදන් ඔයා රෑට වැඩ. අනෙක් මිනිස්සු වැඩ ඇරිලා ගෙදර එද්දි ඔයා වැඩට යනවා මට දැන් මේ ජීවිතේ ඇතිවෙලා."

"පඩිය ගැන හිතන්න එපා ජීවිතය ගැන හිතමු"

(පිටුව 16)

 අපගේම හිත මිතුරන් බටහිර රටතුල ගතකරන ජීවිතවල ඇතුලාන්තය නොවේද? මව්බිම සිටින අප ඔවුන්ගේ සුපෝපභෝගි ජීවින අන්දරය දකින කෝණය කෙතරම් දුරට නිවැරදිද? එහි නිවැරදි විය යුතු තැන් කොපමණද? 12.12.12 අපරාධයක් ලුහුබැද යාමක් පමණක් නොව එහි ජීවත්වන මිනිසුන්ගේ ජීවන රටාවෙහිද යම් යම් තැන උළුප්පා පෙන්නා දීමට ඔහු උත්සහ කළා විය යුතුය.

කල්පනාගේ ශාන්ත මුහුණත් හසීල්ගේ වේදනාබර ඇසත් මනසේ මවා ගැනීමෙන් අැතිවන කම්පනයෙන් මිදෙන්නට නොහැකිව බොහෝවේලාවක් ගත කරන්නට වූයේ මාගේ මෝඩකම නිසාදැයි වරෙක සිතුණි.

රතිය මත්තෙම නැහෙන මිනිසුන් පිළිබඳ නොයෙක් කතාබහ  අසා ඇති ඇති නමුත් මෙවන් කතන්දර කොතෙකුත් අප සමාජ වට පිටාවේ සිදුවන නමුත් කල්පනා පිළිබඳ මෙතරම් වේදනාවක් ඇති වන්නේ ඇයි. මෙවන් වේදනාබර සිදුවීම් අද ලාංකේය සමාජය තුල කොතෙකුත් අසන්නට ලැබෙනවාද යන්න ඔබට මට නොරහසකි. කල්පනා ඉවසීම දරාගැනීම අතින් ඉතා ශක්තිමත් ගැහැනියකි එවන් ගැහැනුන් විරලය. හොස්ස ළඟින් මැස්සෙක් ගියත් කප්පරකට කලබලවන පිටපොට පටලවා ගන්නා ගැහැනුන් අතර ඇය විශේෂ චරිතයකි. ගැහැනියක සතු එවන් චරිත ලක්ෂන මොනවට විදහා පාන්නට 12.12.12. ට හැකිව තිබීම ප්‍රසංසනීයය.

තවමත් සිතට වදදෙන්නේ අවසානයේ  නතාලි මුණියේට ඇයි එහෙම වුණේ... කල්පනාට පමණක් නොව නතාලිටද සිදුවූයේද අසාධාරණයක් නොවේද? ඇත්තටම එය එසේ සිදුවීද? එය එසේනම් ඉන්පසු කුමක් සිදුවීද?  දැන් මට ඉවසිල්ලක් නැත්තේ පලාගිය වුන්ට කුමක් වූයේද කියා දැන ගන්නටය. නතාලි නැවත කරලියට ගෙන එන්නටය.

දැන් ඉතිං මම බලාසිටින්නේ නතාලි මුණියේ නැවත පැමිණෙන තුරුය...😉 එක්කෝ මංජුල අයියා කතාව ලියන්නට ඕනෑය නැතිනම් මම ලියාගන්නට ඕනෑය... 😂

Comments

Popular posts from this blog

රස්තියාදුකාරයා - ගිහාන් සචින්ත

කාව්‍යාලාප

විරාමයකට පසුව හමුවී විරාමයකට පසුව හමුවෙමු