විරාමයකට පසුව හමුවී විරාමයකට පසුව හමුවෙමු



විරාමයකට පසුව හමුවී විරාමයකට පසුව හමුවෙමු ගැන පුංචි වචනයක් කතාකරන්නට බොහෝ දවසක ඇවෑමෙන් අද ඉඩ හසර ලැබුණි.

ආ මඟ නතරවී මොහොතක්
"බිදී යාමකින් තොරවම යලිත්
ආකාශගතවනු රිසි
පිනි බිදිත්තක් දෙකක්
මේ ගෙවීයන හැම
රාත්‍රියකම පාහේ
 මගෙ කවුළුව අසල ගැවසේ...."

තප්පර ගානකට මේ වචන අතර මම නැවතුනෙමි තප්පර කටුව හෙමිහෙමින් ඉදිරියට ගොස් විනාඩි කටුවට තට්ටු කරද්දීත් මම නතරවී වුන්නාදැයි නිනව් නැත. වඩාත් සිත් ගත් භාෂා විලාසයකින් හදවතට කතා කිරීමට ඔහුගේ කවිය සමත්ය. ගයාන් ඉන්දුල කොඩිතුවක්කු වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම දක්ෂ කවියෙක් නොවන්නේ යැයි කාටනම් කිව හැකිද?

එකෝමත් එක දවසක මුහුණු පොත හරහා හමුවූ ඔහු මෑතක මෙලෙස ආරාධනා කළේය.
"කවියක් ගැන වචනයක් හෝ කතාකිරීමට එන්න නංගී" එක හුස්මට කියවා අහවර කල පොතක් ගැන කතිකාවට සහභාගී වීමට මට නොහැකි විය.

මෙහි පලමු කවිය වඩාත් සිත් ගන්නා සුළුය. එහි උපමා රූපක සහ කවියේ ගලායාම ඉතාම ඉහල මට්ටමක පවතී.

"අහක බලාගෙන යනවිට එන හැම තොටියාම
සඳ එබෙද්දි දූලි ගො‍ඩේ හැංගෙමි හැම රෑම"

හිතට දැනෙන මෙවැනි අලංකාර යෙදුම් සහිත මෙම කවියම විචාර කිරීමට තරම් මම දක්ෂ නොවීම මාගේ අභාගයකි. නමුත් බෙහෙවින්ම රසවිදිබවනම් කිව යුතුමය.

ඉහළ පහළ එය නම් සැබැවින්ම අපූරු සත්‍යයකි. එකිනෙකාට කොන්ද නවල නවල ඉහලට යද්දි දිගහැර ගත නොහැකි කොදු නාරටිය සතුටුවන්නේ තමා ඉදිරියේ හතරට පහට නැවෙන කොදු නාරටි දැකීමෙනි එය කවියෙන් පවසන ආකාරය ප්‍රසංසනීයය.

තීරු ලෙස ඉරා මැදියම
විස්මය ජනක සඳ
අහසින් පනී
මුඩුක්කුවටද ගද ගහන
සඳට කොහිද එහි වෙනසක්
ඉතිං කෙනෙහිලිකම් නොකරම
 එබෙයි මුඩුක්කුවටත්.


කවියා මෙය දකින ආකාරය ඉතාම අලංකාරය එහි කාව්‍යයෝක්ති යෙදුම් මා සිත්ගත්තේය.
මිනිස් හදවතට කතාකිරීමට ඔහුට ඇත්තේ අපූරුම හැකියාවකි. චවනයෙන් වචනයට සිතන්නට යමක් ඇති. සිතන්නට අකමැති අයට රස විදින්නට යමක් ඇත. එය අපූරුම හැකියාවකි

කළු සළුව උනා බහින්න
නිරායුධ ළැම මතට
පරාජිත කවිකොට
වැටී තැන තැන
නුඹට පමණක් ඇති පෙනෙන්නට

මව් සෙනෙහස ගැන ලියවුන බොහෝ කවි අතර පුතෙකුගේ සිතේ මවකට ඇති සෙනෙහස වඩා හර්දයාංගමව ලියූ කවියනම් කාලයකට සිත් තුල ලැගුම් ගනු නොඅනුමානය. මව්වරුන්ගේ ඇහැට පමණක්ම නොව පුතෙකුගේ ඇහැටද කඳුළක් එකතුවන එම අපූරුම කවිය සිතේ රැදී ඇත්තේ මාගේ පමණක්ම නොව. පිරිමි කඳුළක බර දැනෙන්නේ ඇහැට නොව හිතටයයි මම සිතමි.

අම්මාගේ පපුව උඩතරම් ඕන පුතෙකුට
අඩන්න පුළුවන් තැනක් නෑ මුළු ලෝකයෙම
පුතු හැඩුවොත් අම්මත් හඬන බියට
තවමත් පුතුන් හඬනව හොරැහින් රෑට

ඉතිං එහෙනම් කවියක් කවියක් ගානෙ ලියන්නට මම දක්ෂ නැතත් මේ ලියවිල්ලෙ වැරදි තැන්වලට පුංච් සමාවක් ඉල්ලන ගමන් ජෝකර්ලා එක්ක දුක බෙදාගෙන ප්‍රභාලා ගැන දුක කියාගෙන මුඩුක්කුව වටේ රවුමක් ගහලා වීසා නොමැති කවි වලින් බැදපු තුඹසක ගුරු උපහාරත් අරගෙන නු‍ඹේ අවසන් කැමැත්ත පහන් එළියෙන් නැවත අලුතින් ලියවෙන තුරු බලා සිටිමි.

කවියෙක් වූ නුඹට සාර්ථක ඉදිරිගමනකට හදවතින්ම සුබ පතමි. ජයෙන් ජයම වේවා!
Gayan Indula Kodithuwakku​

Comments

Popular posts from this blog

රස්තියාදුකාරයා - ගිහාන් සචින්ත

කාව්‍යාලාප