හඳගිරිය

 
 
හඳගිරිය
 
රුවන් වීරතුංග විසින් රචිත හඳගිහිරිය කාව්‍ය සංග්‍රහය කියවා අවසන පුංචි සටහනක් අකුරු කරන්නට සිතුණි ඒ මා ප්‍රිය කරන  නිර්මාණ රැසකින් එය පොහොසත් වීම නිසාමය. එහි පළමුකවිය
 
හඳගිරිය
නිසොල්මන්ය
ගහකොළ ගොන්මන්ය
පිපුණ මල් කනවැන්දුම්ය
 
දුටු සැනින් කියවන්නට සිතෙන කවි පංතියකි. තරමක් දීර්ඝ කවියක් වුවද මෙම කවියේ අපූර්වත්වයට කිසිදු හානියක් සිදුවී නැති බව මගේ හැගීමයි. " පිපුණ මල් කණවැන්දුම්ය "  එනම් මෙහි හේනේ පැල් රකින මිනිසුන්ගේ දුක්කිත කතාන්දරය අවසන තනි වෙන ගැහැණුම නොවන්නේද? අලි මිනිස් ගැටුම ක් ඇතිවූ සැනින් කථාබහට ලක්වෙන විදුලි වැට එය අවසාන වීමටත් ප්‍රථම අවසන් ගමන් යන්නේ ඊළඟ ගැටුම වන දින තෙක් පමණි ඉපදි ඉපදී මියෙන විදුලි වැටට කවදාවත් විසදුමක් නොලැබීම සටහන් කරන කවියා එ් සඳහා අනාගත දිනක විසදුමක් ලබාගන්නට ලැබේවා යන්න පවසන අයුරු අපූරුය.
 
වැඩ ජනයා ගැසූ පෙත්සමට
දිග හැර සාධාරණයක් කරන්නට
නඩුකාරයකු කර
ගමේ කොලුවකු එවන්නම් මතුදින
 
ගමනාන්තය කවියෙන් අපූරු ව්‍යංගයාර්ථයක් මවයි
 
"රජරට සරසවි මිතුරියට" කවි පංතියෙන් ප්‍රේමය සහ පරිත්‍යාගය ගැන මොනවට සඳහන් කරන කවියා  විරහව ඉතා ආදරණියව හිතට කාවද්දයි. ආදරවන්තයෙක් තමන් ගේ හිටපු පෙම්වතිය වෙනුවෙන් කරන  ඒ ආදරණිය පාර්ථනාවන් මට සිහිපත් වූයේ "හංතානට පායන සඳ ලස්සනයිද බලන්න" ගීතයයි
 
"කටොර වැව් සුළඟ නිසිලෙස හමාගිය පරිද්දෙන්
ගැලූ දිය කනඳරා සරු කෙරූ කෙත් ඵල නෙළද්දෙන්"
 
සඳැස් කවියකට බොහොම ආසන්නයෙන් ලියවුණ මේ කවි පංතිය හරියටම මත් සමානව ලියවුණේ නම් ඉතා සුගායනීය වන්නට ඉඩ තිබූණා යන්න මගේ හැගීම.
 
මීට අමතරව  නිහඬ අයිලය, අද පමණක් ඇවිත් යන්න, යාචක කවිය, වනචාරි රමණය, පඹයාගේ පැතුම,  සන්නාලියගේ ප්‍රේමවන්තයා සහ ගැමි කවිය ආදී පොහොමයක් නිර්මාණ ඉතාමත් වින්දනීයය..
රුවන් වීරතුංග කිවිඳුන්ගේ ඉදිරි නිර්මාණ දිවියට  මේ ඉතා කෙටි සටහනින් සුබ පතමින්ම නවතිමි. ඔබට ජය!!!
 
අඟුලු යොමු කරන අවන්හල
ඇසෙයි තවමත් කොදුරන ගැමි කවිය
හිස්වුණ ගල් බෝතල
කියයි රෑ දුටුව අතිකාල හීනය

Comments

Popular posts from this blog

රස්තියාදුකාරයා - ගිහාන් සචින්ත

කාව්‍යාලාප

විරාමයකට පසුව හමුවී විරාමයකට පසුව හමුවෙමු