෴හුස්ම ගන්න අකුරු෴

 
 
 
රංජිත් කුමාර සමරකෝන් ඔහු කවුද? මොනවද මේ හුස්ම ගන්න අකුරු. මා සිතේ හටගත් පලමු පැනය මෙය විය. ඔබ හැමට ඔහු හදුන්වාදීමට එනිසාවෙන්ම මම නොදනිමි  මන්ද මා යන්තමින් හෝ ඔහු හදුනන්නෙ මුහුණු පොත පුරා හුස්ම ගන්න අකුරු එක්ක එකතුවෙන්න යැයි කල ආරාධනාව නිසාවෙනි. එනම් හුස්ම ගන්න අකුරු කියවීමේ තෘෂ්ණාවක් මා තුල හට ගන්නේ මා කවරදාවත් නොකියවූ ඔහුගේ හුස්ම ගන්න අකුරු සයිබරය පුරා හුස්ම ගනිද්දීය.
 
එනිසාම මේ කෙටි සටහන හුස්ම ගන්න අකුරු වෙනුවෙන් අමුණන්නට මට සිතුණි. මෙය හුදෙක් ඔහුට ප්‍රතිඋපකාර කිරීමක්වත් වර්ණනාවක්වත් නොවන්නේ N එක හා මාගෙ හුස්ම පොදක්වත් නොගෑවුන නිසාමය.
පලමුව මා සිත ගත්තේ ඔහුගේ පූජාවය හිත නිවී සැනසෙන අපූරුවූ ආදරණීය මව් සෙනෙහසක් වෙනුවෙන් පූජා කල හෝඩිපොතක් ලෙස නම් කිරීම මා සිත් ගත්තේය. ඉන් පටන් ගෙන හුස්ම ගන්න අකුරු කියවූමට සටහනක් තබන්නට වෙලාවක් ගතිමි. මන්ද මම විචාරකයෙකු නොවන ප්‍රවිණයෙකුද නොවන පුංචි අංකුර කිවිදියක් වන නිසාය.
 
කවදාවත් කඳුළු නොගලනවා යැයි සිතන තාත්තලාගේ හදවත්වලින් ගලන කඳුළු හිත ගල්කරන් කියවද්දි ඇස් කතාකල බව සැබෑය. ඒ ඔහුගේ මිනිස් සිතට කතා කිරිමේ අපූරු හැකියාවයයි මම සිතමි.
 
 බොහෝම සියුම් ආකාරයට මිනිස් සිතට කතා කරන්න තරම් හැකියාවක් ඇති මේ අකුරු හුස්ම නොගන්නවා යැයි කිව හැකිද?. සරලවූත් සංකීර්ණ නොවූත් වචන වල ඕනෑම තරාතිරමක දැනුමක් ඇති මිනිසෙකුට ඉතා පහසුවෙන් ග්‍රහණයවන ආකාරයට සමාජයේ විවිධ පැතිකඩ විවරණය කිරීමේ හැකියාවක් හුස්ම ගන්න අකුරු සතුයයි මට සිතුණේය.
 
හතර පැත්තට විහිදුණ කාපට් ඇතිරිල්ල උණුසුම් වෙච්ච ඉර ඔච්චමට ගිණියම් කරද්දි මිරිවැඩි නැති යටිපතුල් වල නැගි දියපට්ට පුපුරා  ලේ ගලද්දිත් දරාගෙන ඇවිදින මිනිසුන් පිළිබඳ ඔහුගේ දැක්ම හුස්ම ගන්න අකුරු අස්සේ එල්ලි සිටිද්දී එයට ඈදුන කවියෙකුටත් ඉඩක් වෙන්වීමද බොහෝම අපූරුය.
 
මෙහි හැම හුස්මක්ම ආරම්භය ඉතා මනරම්ය සිත් ඇදගන්නා සුළුය. එය ලිපිය අවසානය දක්වා රදවාගෙන යන බොහෝ ලිපි අතර ඒ රටාව සමහර ලිපිවලින් ගිලිහී තිබුණි. ඒ ම‍ට සිතුණ හැටි වන්නටද පුළුවන.
 කෙසේ වෙතත් දඩ බල්ලෝ එලවද්දි චූන් පාන් විකුණන අය අතර තනි අතින් වෙසක් කූඩු සාදන වුන්ට තේරෙන රුවන් වැකි ලියූ මිනීමරුවන් ද සිටියි.
 
වැලන්ටයින් ගිෆ්ට් එකට කොණ්ඩය දන්නදී ලුණු කෝපි එකක රහ බලන්නට මටත් නොසිතුනාමත් නොවෙයි කියා හුස්ම ගන්න අකුරු ගැන මාගේ සටහන සමාප්ත කරමි. ඔබට සාර්ථක ඉදිරි ගමනකට සුබ පතමි ජය!!!!!
 
Ranjith Kumara Samarakoon​

Comments

Popular posts from this blog

රස්තියාදුකාරයා - ගිහාන් සචින්ත

කාව්‍යාලාප

විරාමයකට පසුව හමුවී විරාමයකට පසුව හමුවෙමු