පාටපහක්

 
#පාටපහක් ( චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න)

පාට පහක් දෙතුන් විඩක් කියවූ පසුව සටහනක් තබමියි සිතා මෙතෙක් දවසක් ගතවීමනම් මටද පුදුමය. පාට පහක් තුල හුස්ම ගන්න මතකයක් ඇති මුත් පොත ලබාගත්තේ බලෙන් යැයි කීවොත් නිවැරදිය. විචාරයක් ලියන්න තරමට දැණුමක් නැතත් මට දැණුන කවියක දෙකකවත් අදහසක් ලියන්නට සිතුණි.

චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න හමුවූයේ සොදුරු නිමේෂයකය "කාදර්ගෙ අඹුව මේනකා සරදියල්ට හොර අඹුව විය" කවිය නම් එය විය. මේ කවි පංතිය ගැන වාද විවාද විචාර විවේචන එක්ක ගතවුණ දවසකි එය. අපූරුම වචන භාවිතයත් චිත්ත රූප මැවීමේ හැකියාවත් සමඟ හුස්ම ගන්න කවිකම් වලට කතිකයා බොහොමත්ම හපනෙක්ය. එවන් කවි විචාරයට තරම් දැනුමක් මට නොමැති වීම දුකකි.

කඳු බහිද්දි මාවනැල්ලට පුරුදු සුවඳක් දැනුණා
මේනකා මගෙ පපුව මැද්දට කන්ද උතුවන කඩා වැටුණා

තමන්ගේ අඹුව එහෙම නැතිනම් බිරිඳ වෙනත් සැමියෙක් සමඟ යහන්ගත වන බව දැනගනම සිටින සැමියෙක්ගේ හැගීම.  ඇත්තටම මේ කාදර්ගේ නෝන්ජල් කමද නැතිනම් බියද? සරදියල් වැනි චරිත වලට බියේ අද කොතෙක් පිරිමින් ගැහැණුන් නිහඬව සිටිනවා ඇතිද? පරණ කතාවක්  වුණත්  ටිකක් තට්ටුකර මේ බලපං යැයි කියන්නට තරම්  #පාට-පහක් හී කවිකම් ප්‍රබලය.

දළදා හාමුදුරුවන්ටත් නොපෙනෙන දුකක් විදින හරක් හමක් ගැන කතා කරණ දහවැණි කවිය සිතන්නට බොහෝ දේ ඉතිරි කරයි. පස්පවින් වැලකී පේවි දළඳා හාමුදුරුවන්ට ආවතේව කරන අපි තේවාවට මියගිය සතෙකුගේ හමකට තඩිබාන ශබ්ද පූජාව කතකයා විසින් ප්‍රශ්ණාර්තයට නැගීම අපූරුය

ඒ හම් මරක්කල
මස් කඩ පදංකල
තැළුවද එවක්කල
දළඳා මැදුරු වල

අතිශය ජනප්‍රිය කවියක් වූ #මිනීකපන නිමලදාසගේ කවියටත් වඩා මා සිත් ගත්තේ # අහසකට හැක සැඬ ඇස් මවන්නට කවියයි.

කෙණරක් නමා පා යළි පොළොවේ ගසන
දූවිලි මකා නැත දිය පොළොවෙන් උණන
හැකිනම් ගසා තන පොළොවක ලේ පණින
එතරම් කුරිරුවිය කෙණරට සැඬ ගඟණ

තුන්පත් රෑන අතුපත් ලිහු වනේ මැදින්
තුරුපත් සොයයි වැහැරුණ කුස නවා මැදින්
එක්කර සැඟව ඇති අවසන් කිරද තදින්
උරනට තනය ඈ පෑවා මවා තෙදින්

මා සිත් ගත් කවි අතර #තනිකඩ අක්කට මල්වර මඟුල් ඇරයුම, මාර්තා නම් දැල් මසන්නිය, බුදුන් නොදකින වෙසක් නාටක, එතන අඹ ගස තවම තරුණය ආදී කවි පංති බොහෝමයක් ඇති අතර එවන් කවි  සඳහා දීර්ඝ මාතෘකා සටහන් කිරීම සිත් නොගත් බවද සටහන් කරමින්ම ඔහුටත් ඔහුගේ නිර්මාණදිවියට ජයෙන් ජයම වේවා!  කියා සුබ පතමින් නිහඬ වෙමි..

(මෙය අදහසක් පමණි විචාරයක් නොවේ)

Comments

Popular posts from this blog

රස්තියාදුකාරයා - ගිහාන් සචින්ත

කාව්‍යාලාප

විරාමයකට පසුව හමුවී විරාමයකට පසුව හමුවෙමු