කාව්‍යාලාප

අද රූස්සව නැගී සිටි සෑම මහා ගසක්ම එදවස කුඩා පැළයකි. අරටු සවිමත් වුණ මහා ගස් අතරින් පතර හැදෙන පුංචි පැලවලට හිමිවන්නේ කවර තැනක් ද යන්න විමසිය යුතු වුවද මාගේ මේ වෑයම ඊට වෙනස් නොවූවද ඊට සමානද නැත. කවිය යනු කුමක්ද කියා මා ඔබෙන් විමසුවහොත් එවිට ලැබෙනුයේ ඔබටම ආවේනික පිළිතුරකි. මන්ද කවිය මේ යැයි කියා නිර්වචනයක් තවම මට හමුවී නොමැත. එනිසාම ඉතා සුන්දර වචන යෙදූ පමණින් එය කවියැයි හදුනවාදිය හැකිද ? නොමැති නම් ඉතා කඨෝර වචන යොදා ඇති බැවින් එය කවියක් නොවන්නේ යැයි අර්ථකථනය කළ හැකිද ? හැම විටම කඨෝර වචන කවිය වන්නේ නැත වගේම ඉමිහිරිම වචන කවිය වන්නේද නොවේ. එය එසේ නම් කවිය යනු කුමක් ද ? #ජයසිරි_අලවත්තයන් විසින් රචිත #කාව්‍යාලාප කෘතියෙහි “කවිය යනු” සටහනෙහි මෙසේ දක්වා ඇත. “කවිය යනු හදවතේ හර්දයාංගම බව මෙන්ම මනසේ ආනන්දජනක බව උද්දීපනය ව ඉතා මට සිළිටු මාධ්‍යකි. මෙය සාහිත ක්ෂේත්‍රයේ හදුන්වන්නේ මිනිසා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යන මාධ්‍යක් ලෙසිනි.” මෙම කෘතියෙහි කවියක් ඉපදීමට කවියා තුළ සිටිය යුතු මිනිසා පිළිබඳව ද කවියට උචිත උපමා උපමේය භාවිතය වගේම භාෂා...